සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය සිදුකරන යෝජනා 03න් එක් යෝජනාවක් වන එම ආයතනය පුණ්‍ය ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමේ යෝජනාව සාධනීය යෝජනාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම යෝජනාව හරහා සයිටම් ආයතනය ජනසතු වීමක් සිදුවන බවත්, සයිටම් විරෝධී සියලුම දෙනාගේ ඉල්ලීම වී ඇත්තේ එම ආයතනය ජනසතු කරන ලෙස බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
රජය සිදුකරන යෝජනා පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.