මතභේදයට ලක්ව ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
ජනපති ලේකම් කාර්යාල මෙම නිවේදනය ඊයේ (25දා) නිකුත් කළේය. ගැටලුවට විසඳුමක් ලැබෙන තෙක් සිසුන් බඳවා ගැනීම හා උපාධි ප්‍රධානය නැවැත්වීම ඇතුළු යෝජනා කිහිපයක් මේ සඳහා ඇතුළත් විණ.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ජනපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්ද ජනපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණ.