සයිටම් ගැන ජනපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
මාලඹේ සයිටම් ආයතනයට අදාළව රජය මඟින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව ජනපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දැනට මාස කිහිපයකට පෙර පවතින විශ්වවිද්‍යාල සිසුන්ගේ පංති වර්ජනය, වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට මුල් වු කරුණු පිළිබඳ රජයේ ස්ථාවර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත කරුණු මෙලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.
ඒ අනුව රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් ආයතනය සඳහා සිසුන් බදවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම නතර කිරීමට රජය තීරණය කර තිබේ.
වෛද්‍ය අධ්‍යාපනයට අදාළව අවම ප්‍රමිතීන්ගේ වලංගුභාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට් කිරීම.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා අපක්ෂපාතිත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයකුගේ බලපෑම් සිදු නොවිය යුතුය.
සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යයන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම.
මීට අමතරව සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධි විධාන සලසන බව එම නිවේදනයේ දැක්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

