සයිටම් අර්බුදය නිසා මේ වන විට වැඩිම අසාධාරණයකට ලක්ව සිටින්නේ එම ආයතනය තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව මෙහි ඉගෙනුම ලබන ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වසර 09ක් තිස්සේ ආයතනය තුළ රැඳී සිටීමට සිදුව ඇති බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා සුදුසුකම සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජය පිළිගන්නා වෛද්‍ය උපාධියක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය.