සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දු මහතා තමන්ට කතා කිරීමට අවශ්‍ය වූ විට තමන්ගේ දියණියට කතා කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (09දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වසර 10කින් පමණ නෙවිල් ප්‍රනාන්දු මහතා තමන්ට මුණගැසී නොමැති බවත්, පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන තමන්ගේ දියණියට ඔහු කතා කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
සයිටම් ආයතනය පිළිබඳව පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අදහස් පළකරන අවස්ථාවේදී නැගීසිටිමින් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, සමහර කාරණාලවලට ඇමතිවරයාට කතාකරනවාට වඩා පෞද්ගලික ලේකම්වරුන්ව හෝ ඥාතීන් හමුවීම ප්‍රයෝජනවත් බව සයිටම් ආයතනයේ පුද්ගලයින් දන්නා බවයි.
සයිටම් ආයතනයේ නෙවිල් ප්‍රනාන්දු මහතා, සමීර සේනාරත්න මහතා අවසන් වරට මුණගැසුනේ කවදාදැයි කියා දියණියගෙන් විමසන ලෙසද මන්ත්‍රීවරයා කිරිඇල්ල මහතාට පවසා සිටියේය.