සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන කිසිවෙකුටත් උත්සව අත්තිකාරම් මුදල් ලැබී නැතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සියලුම රාජ්ය අර්ධ රාජ්ය ආයතනවල සේවය කරන සේවකයන්ට ළඟ එන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට රුපියල් දස දහසක උත්සව අත්තිකාරම් මුදල් ලබාදෙන බවද එම සංගමයේ ප්රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේය.
එහෙත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන 22,000 කට අධික සේවකයන්ට මෙම මුදල ලබාදී නොමැති බවත්, සෙසු සේවකයන් මේ මස වැටුප සමග මෙම මුදල ලබාදී තිබෙන බවද පවසා සිටියේය.