සමෘද්ධි සහනාධාර නාමලේඛනය යාවත්කාලීන කිරීමේ අරමුණින් සිදුකළ සමීක්ෂණය තුළින් කිසිදු සමෘද්ධි ලාභියෙකුගේ සහනාධාරය අහිමි නොවන බව විෂයභාර අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
අදාළ සමීක්ෂණය පිළිබඳව රටතුළ වැරදි මතයක් ගෙනයමින් තිබෙන බවත්, එහිදී වැරදි මතය පතුරන පිරිස් සඳහන් කරන්නේ සමීක්සණය තුළින් සමෘද්ධි සහනාධාරය කප්පාදු කරන බවද ඒ මහතා පවසා සිටියේය.
එහෙත් එවැනි ආධාර මුදල් කැවීමක් සිදුනොවන බවත්, මෙම සමීක්ෂණය හරහා සමෘද්ධි සහනාධාරය නොලැබෙන පිරිස් හඳුනාගැනීමට හැකිවන බවත් අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
1995 වසරේ ආරම්භ කළ සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙළ තුළින් ලක්ෂ 14ක් ප්රතිලාභ ලබන බවත්, මේ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 43950ක මුදලක් වැයකරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.