පරිගණක ගත තේරීමෙන් කිසිවෙකුගේ සමෘද්ධි සහනාධාරය කැපීමක් හෝ අලුතෙන් ලබාදීමක් සිදුනොවන බවත් ඒ පිළිබඳව ගැටලුවක් ඇත්නම් ප්‍රාදේශීය ලේකම්ට ලියුමකින් දැනුම් දෙන ලෙසත් සමාජ සවිබල ගැන්වීම, සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“පරිගණක තේරීමෙන් අපි කාගෙවත් සමෘද්ධිය කපන්නෙත් නෑ, කාටවත් සමෘද්ධිය අලුතෙන් දෙන්නෙත් නෑ. යම්කෙනෙකුගේ සමෘද්ධිය අහිමිවෙන ලැයිස්තුවෙන් ඉන්නවානම් කළ යුත්තේ ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්ට ලියුමකින් දැන්වීමයි.
වරදක් වෙලා තිබෙනවානම් ඒක හදනවා. කෑගහුවට, පාරේ ගියාට, පෙළපාළි ගියාට කිසීම වැඩක් නෑ. කලබල වෙන්න එපා. අවසාන තේරීම ගන්නේ ප්‍රාදේශීය ලේකම්ගෙන් සමන්විත කමිටුවකින්. තොරතුරු ලේඛන වැරදි නම් සමෘද්ධි නිලධාරීන් හා කළමනාකරුවන් තමයි වැරැදි.” යනුවෙන් දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.