සමාජසේවා දෙපාර්තමේන්තුව නැවත සක්‍රියකර ගැනීම සඳහා සමාජසේවා නිලධාරි තනතුර නැවත ඇති කළ යුතු බවත් ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට කරුණු දක්වන බවද සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් හා පැවැති සාකච්ඡාවකදී පැවසීය.
සමාජ යහපත වෙනුවෙන් විශාල වගකීමක් ඇති සමාජසේවා දෙපාර්තමේන්තුව 2011 වසරේ සිට ක්‍රමානූකූලව වැසීයන තත්ත්වයට පත්කර ඇතැයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව “සමාජසේවා”විෂය පළාත් සභාවන්ටද “සමාජ පර්යේෂණ හා සංවර්ධනය”යන විෂයන් මධ්‍යම රජයටද වෙන්කර ඇතිමුත්, මෙම කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරින් සංඛ්‍යාවක් නොසිටින බවත් හෙතෙම කීය.