ශ්‍රී ලංකාව තුළ මේ වන විට සමාජ වෙබ් අඩවි පිළිලයක් බවට පත්ව ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (18දා) පැවැසීය.
සමාජ වෙබ් අඩවි හරහා ක්‍රියාත්මක වන ආගමික අන්තවාදය පිළිබඳව ඔහු මෙහිදී පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළේය. බුද්ධාගමට අගෞරව කළ තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවැසීය.
යහපාලනය බෙල හීනයි කියා ඇතැම් අය සිතන නමුත් තදින් නීතිය කිරීමට ආණ්ඩුව මේ දක්වා කටයුතු නොකළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.