ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා එහි කළමනාකාරවරිය සහ සේවයේ නිරත වූ තරුණියක අනුරාධපුර මූලස්ථාන පොලීසියේ දුෂණ මර්දන අංශය සහ කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් ඊයේ (03 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර මූලස්ථාන පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් උපාය දූතයෙකු යොදවා අනුරාධපුර ඩී.එස්. සේනානායක විද්‍යාලය ආසන්නයේ 3 වන පියවර, සමාධි ක්‍රීඩාංගණය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ආයතනය වටලා තිබේ.
අදාළ ආයතනය ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබුවත් එහි කිසිදු ලියාපදිංචි බලපත්‍රයක් හෝ වෛද්‍යවරයෙකු සේවයේ නොසිටි බව වැටලීම සිදුකල පොලීසිය පවසයි. දහවල් කාලයට කාන්තාවන් විශාල පිරිසක් මෙම ස්ථානයේ ගණිකා වෘත්තියේ යෙදෙන බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.