කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් කණ්ඩායම් නීතිය නොසලකා කටයුතු කර තිබෙන බවත්, තමන්ට පුහුණුකරු ජෙරෝම් ජයරත්න මහතා හා ගැටුලුවක් නැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
නවසීලන්ත සංචාරයේ පරාජය පිළිබඳ වාර්තා වන තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
මැතිව්ස් හා පුහුණුකරු අතර ගැටලුවක් පවතින බවට නිල නොලත් වාර්තා වලින් කියැවුණි.
"මට ගොඩක් දේවල් අහන්න ලැබුණා. මම ඔහුත් සමග හොඳ සබඳතාවක් පවත්වනවා. මම පසුගිය අවුරුදු 9 තුළ ඔහු දන්නවා. අපි අතර ගැටුම් ඇතිවුණේ නෑ. පසුගිය කාලයේදී සමහර අය කණ්ඩායම් නීතිය නොසලකා හැර කටයුතු කර තිබෙනවා. කළමණාකරු ඒ ගැන බලාගනීවි. මොකක් හරි ගැටලුවක් වෙලා තියෙනවානම් ඔහුට එරෙහිව ඒ අවස්ථාවේම කටයුතු කළ යුතුයි. නමුත් විශාල දෙයක් වූණේ නෑ."