රජයේ රෝහල්වල ගිලන් රථරියදුරන්ට ඇතිවන ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා මේ මස 27දා උදෑසන 8.00 සිට පැය 48ක වැඩ වර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සඳහන් කරයි.
රියදුරන් අත්තනෝමතිකව ස්ථාන මාරුකිරීම හා පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම සහ පළාත් සභා කිහිපයක ගිලන්රථ සේවා ව්‍යවස්ථාව ස්ථාපිත නොකිරීම යන කරුණු මූලික කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද එම සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේ ආරච්චි මහතා සඳහන් කළේය.
ලෙඩ නිවාඩු දැමීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙය දියත් කරන බවත්, මේ නිසා එම කාලය තුළදී ගිලන්රථ සේවා අඩපණවන බවද ඔහු කියා සිටියේය.