ඉදිරි ජනපතිවරණයේදී සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.
එහි නායක අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා හා පක්ෂයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු අද (07දා) අරලියගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ බව දැනුම් දුන් බවයි ජනපති මාධ්‍ය අංශ සඳහන් කළේ.