ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම් පක්ෂ නාමය සහිතව මරදාන සාමයික හා සමාජීය කේන්ද්‍රයේදී අද (16දා) ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.
පක්ෂයේ බහුතරය තමන් සමග සිටින බවත්,එහි නායක තිස්ස විතාරණ මහතාට බලයක් නැති බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෙහිදී සඳහන් කළේය.
වසර 5 කින් පක්ෂ සම්මේලනයක් පවත්වා නැති බවත්, මෙවර මහමැතිවරණයේදී යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණට සහය පළකරන බවද මෙහිදී ඔහු පැවසීය.