කළුතරදී බන්ධනාගාර බස්රථයකට ප්‍රහාරයක් එල්ල කර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු හා රැඳවියන් පස් දෙනෙකු ඝාතනය කරීමේ සිදධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව තිබේ. ඊයේ (21දා) සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර සැකකරුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරමින් තිබෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් සංඛ්‍යාව තුනක් බවත් පොලීසිය කියයි. ප්‍රහාරයට සෘජු ලෙසම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගවට පත්ව ඇත්තේ ප්‍රථම අවස්ථාවටය.