පරම ධනය සතුටින් ජීවත් වීම බවත්, ඒ සඳහා නිරෝගීකම නැමැති පරම ලාභය ලබා ගැනීම බොහෝදුරට පුද්ගලයාගේ චර්යවන් මත රඳාපවතින බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
සමබර මනසක් ඇත්තේ සමබර සිරුරක් තුල බැවින්, මෙම අංශ දෙකෙන්ම නිරෝගී මිනිසුන් සහිත සමාජය සමබර සමාජයක් ද වනු ඇති බව කථානායකවරයා පැවසුයේ අද (08දා) දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති "පියවර දස දහසක් නිරෝගී දිවියක්" වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා ක්‍රිඩා අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩ සටහන යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා කාර්යමණ්ඩලයට ව්‍යායාම කිරීමේ වැදගත්කම ගැන පැහැදිලි කිරීමද සිදු වූ අතර දිනකට ඇවිදින ප්‍රමාණය මැන ගැනිම සඳහා පියවර මානයන් (Pedometer) 1500ක් ද පිරිනැමීනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙසේද පැවසීය
පාර්ලිමේන්තුව රටේ ප්‍රතිපත්ති හදන ස්ථානය හැටියට නිවැරදි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙරමුණ ගනිමින් පූර්වාදර්ශ ලබා දීමත් යුතුකමක් ලෙස සැලකිය හැකියි.
තමන්ගේ චර්යාවන් වෙනස්කර ගැනීමෙන් ආහාර රටාවේ සුළු වෙනසකින් බොහෝ බෝ නොවන රෝග වලක්වා ගත හැකියි. අප රටේ සිදුවන මරණ වලින් 75% කට හේතුව බෝ නොවන රෝගයි
මේවා වලක්වා ගැනීමට දුම් පානය, සහ ඇල්කොහොල් භාවිතයෙන් වැලැකීම නිවැරදි ආහාර රටාවක් ඇති කර ගැනීම, නිතිපතා ව්‍යායාම කීරිම තුලින් පුළුවන්
පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවේ පැවැති වෛද්‍ය සායනය ඉතාම සාර්ථක එකක් වුනා. එහිදී සෞඛ්‍ය ගැටළු සහ එයට පිළියම් පිළිබඳව කාගේත් අවධානය යොමු වුනා.
ඒ අනුව ආහාරපාන වල වගේම ඉවුම් පිහුම් ක්‍රම වලත් යම් යම් වෙනස්කම් ඇති කර තිබෙන්වා. මේ තත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.
ඉතාම රසවත් ආහාර වේලක් ගත්තට වැඩක් නැහැ හැන්දෑවට අප්‍රසන්න බෙහෙත් අහුරක් බොන්න වෙනවානම්. සමබර මනසක් ඇත්තේ සමබර සිරුරක් තුලයි.
සමබර මනසක් සමබර සිරුරක් ඇති මිනිසුන්ගෙන් සපිරි සමාජයක සංහිදියාව විනය හැදියාව වත් ඉහලයි.
පියවර දස දහසක් නිරෝගී දිවියක් වැඩසටහනේ අරමුණ පරම ලාභය වන නිරෝගී බව සමාජයට දායද කිරීමයි. ඒ සඳහා එකතු වන්නට හැකි වීම සතුටට කරුණක් බවද කථානායකවරයා සඳහන් කලේය.
පාර්ලිමේන්තු මැතිඇමතිවරු රැසක් ද එක් වූ මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.