දෙමළ ජාතික සන්ධානයේ නායක හා මෙන්ම විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ඇතම් ක්‍රියා කළාපයන් හා තීරණයන් ගැටලු සහගත බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
යාපනය මාධ්‍ය සමාජයේ පැවති පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය. " 2016 වසරේ නිවරදි විසඳුමක් හොයාගන්නවා කියල සම්බන්ධන් මාධයට කියල තිබුණා. ඒක කරන්න තිබුනොත් අපිටත් සතුටුයි. අපි එයාට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් විසඳුම මොකද්ද කියල අපිටත් කියනවනම් අපිටත් පුලුවන් ඒකට එකතු වෙන්න. මෑත කාලයේදී සම්බන්ධන් මහත්තයගේ ස්ථාවරය පැහැදිලි නැහැ. සම්බන්ධන්ගේ මතයයි ජනාධිපති හා අගමැතිගේ මතයයි වෙනස්"