සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපන හා සුභ සාධන ගැටලුවලට විසඳුම් ලබාදීම, තහනම් කර ඇති ශිෂ්‍ය සංගම් යළි ස්ථාපිත කිරීම හා සරසවියේ පවතිනවා යැයි කියන සිසු මර්ධනය නතර කරන ලෙස ඉල්ලමින් සබරගමුව සිසුන් විසින් අද (14දා) සංකේත පංති වර්ජනයක් ආරම්භ කර ඇත.
මෙම වර්ජනය සඳහා විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ නියෝජනය කරමින් පළමු වසරේ සිට අවසන් වසර දක්වා ඉගෙනුම ලබන සිසුන් සම්බන්ධ වී ඇති බවත්, පංති වර්ජනය හේතුවෙන් සරසවියේ අධ්‍යාපන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත් එහි ශිෂ්‍ය නියෝජිතයෙකු 'අද' ට පැවසීය.