අයුතු ජන රාශියක යෙදෙමින් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතාට බාධා කළ බවට වූ චෝදනා මත පොලීසිය විසින් බළංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට බළංගොඩ මහේස්ත්‍රාත් ජී.එල්. කන්නංගර මහතා නියම කළේය.
මෙම සිසුන් අද (14දා) බළංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
රත්නපුර මලිති පෙරේරා