සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අරගලයට පාදක වූ කාරණා තුන විසඳන බවට පාලනාධිකාරිය පොදු එකඟතාවයකට පැමිණ තිබියදී සිසුන් අදුරදර්ශී ලෙස එම තීරණ පිළිනොගැනීම ගැන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය විරෝධය පල කරයි.
මෙම ප්රශ්නයේදී පාළනාධිකාරිය හා සිසුන් අතර එකඟතාවයක් ගොඩනැගීමෙට මැදිහත් වූ ආචාර්යවරුන්ගේ සංගමය මින් ඉදිරියට එම කාර්යයේ නොයෙදන බවත්, ආචාර්යවරුන්ගේ සංගමයට පිළිගත හැකි පරිදි විසඳුම් ගෙන ඒමට වර්තමාන පාලනාධිකාරිය ගත් උත්සාහයට ප්‍රණාමය හිමිවන බවත්, එම සංගමයේ සභාපති ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
අමිත් මධුරංග / රත්නපුර මලිති පෙරේරා