සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ට ලබාදෙන පානීය ජලය ප්‍රමිතියකින් තොර බවට වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණයකින් හෙළිවී තිබෙන බැවින් සේවකයන් 1700 කට අධික පිරිසකගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කරයි.
කැලණි ගඟෙන් ජලය පොම්ප කර පිරිසුදු කර පිරිපහදුවේ ටැංකි හරහා එහි සේවකයන්ගේ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන බවත්, එහෙත් පසුගිය මාස කිහිපයකම සිට පානීය ජලයේ ගැටලු ඇතිවූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදුකළ පරීක්ෂණයකදී එම පානීය ජලයේ බැක්ටීරියාවක් ඇති බවට හෙළි වී තිබෙන බවද වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.