මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව ග්‍රාමිය කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශකළේය. රුපියල් බිලියන 04ක මුදලක් ඒ සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර වී අස්වනු නෙළීම සිදු කරන ආකාරය අනුව අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර යන දිස්ත්‍රික්කවල වී මිලදී ගැනිම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා කීය.
පසුගිය කන්නයේ වී මෙට්‍රික්ටොන් 60,000ක් පමණ මිලදී ගත් අතර මෙවර ද එවැනිම වී ප්‍රමාණයක් මිලදී ගැනීමට සැලසුම්කර තිබේ.