උතුරු නැගෙනහිර පළාත්හි රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් ලබන සඳුදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10දා) සඳහන් කළේය.
උතුරු නැගෙනහිර දුෂ්කර සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුකිරීම් වසර එකහමාරක් තිස්සේ සිදුනොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිසි විසඳුමක් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය සිදුකරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
මීට පෙර අගෝස්තු 08 වැනිදා මෙම වර්ජනය සිදුකිරීමට සැලසුම් කර තිබුණද අද (10) දින වනවිට විසඳුමක් ලබාදිය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලබාදුන් පොරොන්දුවක් මත වැඩවර්ජනය කල් දමා තිබූ බවත්, අද දිනයේදී විසඳුමක් ලැබී නැති බැවින් අකමැත්තෙන් වුවද වැඩවර්ජනය පැවැත්වීමට සිදුවන බවත් අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.