එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් තහවුරු කරගෙන ඇති බව %අද^ට වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව සිටින සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්රබලයන්ට අයත් දේශපාලන කාර්යාල වැඩි ගණනක් මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාල බවට පත්ව තිබෙන බවද වාර්තාවේ.
මහමැතිවරණය ප්‍රකාශයට පත් වූ පසු සන්ධානයේ බලය අත්පත් කරගැනීම සඳහා ඔවුන් පෙර දී සැලසුම් කර තිබූ පරිදිම මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම කටයුතු කළ අතර සන්ධානයේ විධායක සභාවේ වැඩි බලය එම කණ්ඩායම විසින් නොනිල වශයෙන් අත්පත් කරගෙන තිබේ.
මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම සන්ධානයේ බලට නොනිල වශයෙන් අත්පත් කර ගැනීමෙන් පසු සන්ධානයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඒබව දැනුම් දී සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට අවධාරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඊයේ (29දා) දිනය පුරා සාකච්ඡා වට කීපයක් පැවැත් විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත්, හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා යන සිවු දෙනා ඊයේ සවස පැයකට අධික කාලයක් සාකච්ඡා කළ බව ද වාර්තාවේ.
එම සාකච්ඡාවෙන් පසු සුසිල්,නිමල් සිරිපාල හා අනුර ප්‍රියදර්ශන යාපා යන තිදෙනා ඊයේ රාත්‍රී නැවතත් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමග දීර්ඝව සාකච්ඡවක් පැවැත් වූහ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා දීමේ ස්ථිරතාවක් ජනපති මෛත්‍රීපාල මහතා වෙතින් පළ නොවුණු බවද වාර්තාවෙයි.
මෙහිදී ඊයේ සවස් වරුව වන විට හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකත්වය පිළිබඳව නිල ප්‍රකාශය හෙට (01දා) දිනයේ දී තංගල්ල කාල්ටන් නිවසේ දී සිදු කිරීමට හා ඒ අවස්ථාවට අති විශාල මහජන නියෝජිතයින් හා ජනතාවක් රැස් කිරීමට ද කටයුතු සංවිධානය සිදු කරමින් තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට වඩා සහභාගී වන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉදිරි වැඩපිළිවෙළ මෙසේ පැහැදිලි කිරීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.
"අපට දැනට ක්‍රම‘වේද 02ක් තියෙනවා. එකක් බුලත් කොළෙන් තරග කිරීම. එහෙම නැත්නම් විකල්ප වැඩපිළිවෙළක් තියෙනවා ඒ දෙකෙන් එකකින් මහින්ද රාජපක්ෂ මහත්තයා තරග කරනවා.
පළමු වැනිදා ගම්වල උදවිය විශේෂ ගමනක් ලැස්ති කරගෙන තංගල්ල කාල්ටන් නිවසට යනවා. මැතිවරණයට තරග කරන්න කියලා හිටපු ජනාධිපතිතුමාට ආරාධනා කරන්න එම ජනතාව සූදානමින් ඉන්නේ. ඒ වගේම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මේ දිනවල හදාගෙන යනවා" යනුවෙන් ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා හෝ විධායක සභාව නිල වශයෙන් රැස් නොවීම ද විශේෂත්වයකි.