එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඉදිරියේදී කටයුතු කිරීම සඳහා පක්ෂ 13ක් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රටේ සහ ලෝකයේ දේශපාලන හා ආර්ථික තත්ත්වයන් පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවකදී මේපිළිබඳ අදහස් දැක්වූ බව අමරවිර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.