ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේදී සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා බිම් මට්ටමේ කටයුතු ආරම්භ කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
සන්ධානය යටතේ තරග කිරීම සඳහා මේ වනවිටත් අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බවත්, ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ලබා ගැනීමටත් කටයුතු කරන බවද පවසා සිටියේය.
මහ ලේකම්වරයා මේ බව පැවසුවේ, අද (19දා) පැවැති වැඩමුළුවකදීය.