හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන හිටපු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම කළුතර දිස්ත්රික්කයේ සිටියද එක්සත් ජනතා නිදහස් සන්ධානය එම දිස්ත්රික්කය තුළ මහමැතිවරණ සටන අතහැර දමා ඇතැයි යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයන් අතර පමණක් සටනක් තිබෙන බවත්, මේ හේතුව නිසාම පසුගියදා අගලවත්ත ප්ර‘දේශයේ තිබූ තමාගේ කාර්යාල කඩාබිඳදමා තිබුණු බවත් වර්ණසිංහ මහතා සඳහන් කළේය.
බත්තරමුල්ලේදී අද (29දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළවිය.