උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල (සන්ධාන) මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් එම පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් උතුරු මැද පළාත් සභා ලේකම් ආර්.කේ. ප්‍රේමසිරි මහතාට අද (11දා) භාරදුන් බව උතුරු මැද පළාත් විපක්ෂ නායක කිංස්ලි නෙල්සන් මහතා පැවසීය.
පළාත් සභා රැස්වීම්වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක නොකිරීම, විපක්ෂ මන්ත්‍රීවරුන්ට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදීම යන කරුණු මුල්කර ගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ බවත්, ඉදිරියේදී සාධාරණ සභාපතිවරයෙකු පත් කරගැනීම තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අරමුණ බවත් කිංස්ලි නෙල්සන් මහතා පැවසීය.
උතුරු මැද පළාත්සභාවේ සභාපති ධුරය සඳහා ටී.එම්.ආර්. සිරිපාලගේ නම යෝජනා කර ඇත්තේද එක්සත් ජාතික පක්ෂය විසින් වීම විශේෂත්වයකි.