ගල්කිස්ස ප්රධාන මංසන්ධියේ සෑම ඉරුදිනකම පැවැත්වෙන ඉරිදා දින පොළ තුළ අද (23දා) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනහමුවක් සඳහා වේදිකාවක් ඉදිකිරීම මගින් තමන්ගේ වෙළෙඳ කටයුතුවලට බාධා සිදුව ඇතැයි වෙළෙඳසැල් හිමියෝ පවසති.
එක්සත් ජනතා නිදහස් සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් හා තවත් පිරිසක් මෙම ජන හමුවට එක්වීමට නියමිතව ඇති අතර, දෙහිවල ගල්කිස්ස නගර සභාවේ බලධාරීන් මෙම භූමි ප්රදේශයෙන් තමන්ව ඉවත් කර ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.