ගෙවී ගිය දින කිහිපය පුරා මහජන පරීක්ෂකවරුන් සිදුකළ පරීක්ෂා කිරීම්වලදී සතොස ගබඩාවල ගබඩා කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික්ටොන් 17068 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.
අදාළ සහල් තොග ගබඩාවල රඳවා තබාගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, මේ ආකාරයට පරිභෝජනයට නුසුදුසු සහල් ගබඩා කරන ස්ථාන පිළිබඳව 011 263 5675 ඔස්සේ දැනුම් දෙන ලෙසද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඒකල සතොස ගබඩාවෙන් මෙට්‍රික්ටොන් 500 ක්, වත්තල ගබඩාවෙන් 11154 ක් කොළොන්නාව ගබඩාවෙන් මෙට්‍රික්ටොන් 5174 හා වේයන්ගොඩ ගබඩාවෙන් මෙට්‍රික්ටොන් 240 ක් ලෙස සහල් අත්අඩංගුවට ගත් බවද ඔහු පවසා සිටියේය.
සහල් සම්බන්ධයෙන් සතොස පාලන අධිකාරියට නඩු පවරණ බවද හෙතෙම සඳහන් කළේය.