සති පහකට වැඩි සායනික පුහුණුවකින් පසුව සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධිය පිරිනැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වූ බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පිරිශ්‍රයේ පැවැති උපාධි ප්රදානොත්සවයකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
එසේම මාස 8ක කාලයක් රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන් කළ පංති වර්ජනය ඵලක් නොවූ බවත් පරාජිතයන් ඔවුන් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.