සත්‍ය සෙවීමේ ආයතනයක් වහාම ආරම්භ කිරීමට කටයුතු කරන අතර, ඉදිරි මාසය තුළ ඒසඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද(28දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීය.
සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය කුමනාකරයෙන් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති අතර, අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර එය තීරණය කරන බවත්, ඉන්පසුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
ශ්‍රීලංකා ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රීලංකාවට වසර දෙකක කාලයක් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ ආණ්ඩුවේ ප්‍රණාමය පළකරන බවත්, එම කාලය තුළ සංහිඳියා වැඩපිළිවෙළ ඉටුකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 47 ක් ශ්‍රීලංකාවට සහාය දැක්වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයන් සියල්ලම ශ්‍රීලංකාව සම්බන්ධයෙන් එකම ස්ථාවරයේ සිටීම සුවිශේෂී කාරණයක් බවද හෙතෙම සඳහන් කළේය.
.