සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය
සතුන් මරා පාර දිගේ ඇදගෙනයාම, ලේ වැගිරෙන ආකාරයෙන් එල්ලා තැබීම, සත්ත්ව ලේ කාණු දිගේ ගලායෑමට සැලැස්වීම ආදී වශයෙන්, සත්ත්ව ඝාතනයට අකැමැති ජන කොටස්වලට හිරිහැර වන ආකාරයෙන් ඉස්ලාම් ධර්මයේ උල්හියියා ක්‍රියාව සිදුනොකළ යුතු බව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය පවසයි.
උල්හියියාව ඉටුකිරීමට ගෙනැවිත් තිබෙන සතුන්ට මෘදු ලෙසින් කටයුතු කළ යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.
එම සංවිධානයේ මහලේකම් අප්ෂෙක් එම්.එම්.ඒ. මුබාරක් මහතා සඳහන් කළේ, සතුන්ට කිසිවිටෙක හිරිහැර නොවන අයුරින් කටයුතු කළ යුතු බවයි.
උල්හියියාව නම් ක්‍රියාව සඳහා කැපකරන සතුන් පමණක් හැර වෙනත් සතුන් මරණයට පත්කිරීම සම්බන්ධව ඉස්ලාම් ධර්මය විරුද්ධ බැවින් මහා පරිමාණයෙන් සතුන් ඝාතනය කරමින්, මහමග ප්‍රදර්ශනය කිරීමත්, ලේ වැගිරෙන ආකාරයෙන් මස්කඩවල ප්‍රදර්ශනය කිරීමත්, පිළිකුල ඇතිවන ආකාරයෙන් සතුන් මරා මාවත් දිගේ ඇදගෙන යාමත්, මග දෙපස කාණු දිගේ එම සතුන්ගේ ලේ ගලායාමට සැලැස්වීමත් ඉස්ලාම් දහමට අයත් නැතැයි මුබාරක් මහතා සඳහන් කළේය.
ඉස්ලාම් දහම සඳහා උල්හියියා ක්‍රියාවට යොදාගන්නේ ගවයන් වැනි සතුන් බවත්, සත්ව ඝාතනයට අකැමැති ජනකොටස් වාසය කරන ප්‍රදේශවල එම කාර්යය කිරීමේදී එම ජනයාගේ හැඟීම්වලට හානි ඇතිවන ආකාරයෙන් හෝ ඔවුන් අසතුටුවන ආකාරයෙන් නොකළ යුතු බවත් ඔහු පැවසීය.
එම ක්‍රියාවට කැපකරන සතුන් ප්‍රවාහනය කරන විට නිසි අනුමැතිය ලබාගත යුතු බවත්, අවසර ලබාදී ඇති සංඛ්‍යාවට වඩා ප්‍රවාහනය නොකළ යුතු බවත් පවසන උලමා සංවිධානය, පෝය දිනවලදී උල්හියියා ක්‍රියාව සිදුනොකරන ලෙසත් ඉල්ලා සිටියි.