කාන්තාවන් වඳභාවයට පත්කරන 'සතකුප්ප' අඩංගු සුදුරු කිලෝ ග්‍රෑම් 22,000 ක තොගයක් පිටකොටුවේදී අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය ඊයේ (26 දා) සමත්ව තිබේ.
රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතු මෙම සූදුරු තොගයේ සතකුප්ප අඩංගු බව තාක්ෂණ පර්යේෂණ ආයතනය විසින් සනාථ කළ බව එම ඒකකයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පාකිස්තානයේ සිට ආනයනය කර, සූදුරු සමග මිශ්‍රකොට විකිණීමට මෙම සතකුප්ප විකිණීමට උත්සාහ කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.
පාකිස්තානයේ ආනයනය කරන සූදුරැවල අඩංගු සතකුප්ප නොදැනුවත්ව ආහාරයට ගන්නා ගර්භිණී මවුවරැන්ට දරුඵල අහිමි වන බවත්, එමෙන්ම කාන්තාවන් වඳභාවයට පත්වීමේ බරපතළ අවදානමක් ඇති බවත් ආයුර්වේද වෛද්‍යවරුන් සනාථ කර ඇති බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.