සජිවි දරු උපත් ලක්ෂයකට මාතෘ මරණ 33.8ක්
2016 වසරේදී මාතෘ මරණ 112ක් සිදුවී ඇති බවත් ඒ අනුව මාතෘ මරණ අනුපාතිකය සජීවී දරු උපත් ලක්ෂයකට 33.8ක් ලෙස ගණනය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වයි.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියාණි සේනාධීර මහත්මිය සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා විසින් සකස් කළ 2016 වසරේ සිදු වූ මාතෘ මරණ සමාලෝචන වාර්තාවේ මේ බව දැක්වෙයි.
කෙසේ වෙතත් මෙය දකුණු ආසියාතික කලාපයේ අවම මාතෘ මරණ අනුපාතිකය බවත් පසුගිය වසර 7 පුරාම ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය එකම මට්ටමේ පවතින බවත් එහි දැක්වෙයි. මෙවර සෘජු මාතෘ මරණ මෙවර වැඩි වී ඇති බවත් එය 55% ක් බවත් එම වාර්තා වේ වෙයි.
මේ අතර පසු ප්‍රසව රක්තපාතය, හදවත් රෝග හා ගැබ් තරලය රුධිරයට මුසුවීම ප්‍රධානතම හේතු ලෙස සොයාගෙන ඇත.
මාතෘ මරණවලින් 68% කම විවිධ මට්ටමේදී ප්‍රමාදවීම් සිදුවී ඇත. මියගිය මවුවරුන්ගෙන් 43% ක් නිසි වෙලාවට වෛද්‍ය උපදෙස් ලබාගෙන හෝ රෝහලකට පැමිණ නොමැත. සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ප්‍රමාද වීම් මරණ 44 කට සෘජු හෝ වක්‍රව දායක වී ඇත. නිසි පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත නොකිරීම නිසා මවුවරු 20 කට ජීවිතය අහිමි වී තිබේ. අදාළ මරණවලින් 55%ක් වළක්වා ගත හැකිව තිබු මරණ බව ද එහි දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

