සජින්ගෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
- 11 06 2015
- 13:40
- {{hitsCtrl.values.hits}} views
- ලක්මාල් සූරියගොඩ
රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා තමාව එයින් ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (11දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත තමා ඇප මත නිදහස් කිරීමේ නියෝගය නිකුත් කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
ජනපති ලේකම් කාර්යාලයේ වාහන අව භාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන මන්ත්‍රීවරයා 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
