තිස්සමහාරාමයේ ජනතාව පානය කරන්නේ අපවිත්‍ර ජලය යැයි පවසමින් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(26දා) ජල බෝතල් දෙකක් සභා ගැබට ගෙනැවිත් ප්‍රදර්ශනය කළේය.
අයවැය විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම ජල බෝතල් විපක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කළේය.
පසුගිය ආණ්ඩුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබානොදුන් බවත්, ඒ වෙනුවට කෝටි ගණනක මුදල් වැය කරමින් නිෂ්ඵල ක්‍රියා සිදුකළ බවත් අමාත්‍යවරයා කීය.