ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීමේ තහනමට ලක්වීමෙන් අනතුරුව සිය ඉරියව්ව නැවත සකස්කර ගත් නිදොස්වූ සචිත්ර සේනානානයක අද (11දා) එංගලන්තයට එරෙහිව පළමු තරගය ක්‍රීඩා කරමින් යොමුකළ පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි පන්දුවාරය සචිත්ර ක්‍රියාත්මක කළ අතර එහි සිවුවැනි පන්දුවේදී මොයින් අලි පිටියෙන් ඉවත්වූයේ සචිත්ර යොමුකළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනි.
මෙම පන්දුවාරයේ අවසන් පන්දුවේදී ඇලිස්ටෙයාර් කුක් කඩුල්ල මුවාකාරීමේ වරදට හසුකර ගැනීමට තිබූ අවස්ථාව විනිසුරුගේ නිවරදි නොවන තීරණයක් හේතුවෙන් අහිමිවී ගියේය. කෙසේ වෙතත් 8 වැනි පන්දුවාරය යොමුකළ සචිත්ර එහි අවසන් පන්දුවේදී කුක්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ කළ සංචාරයේදී සචිත්ර පන්දුව දමා ගසන බවට චෝදනා එල්ලවූ අතර එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන සංචාරයේ ඔහු නිවරදි වී පිටියට පැමිණ තිබේ.