පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පතට විරුද්ධව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඇතුළු නීතිඥ කණ්ඩායමක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
රටේ මූල්‍ය කටයුතු සියල්ල අගමැතිවරයා යටතට පවරා ගැනීම සඳහාත්, දැනට ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය මෙන් 10%ක ප්‍රමාණයක් ඕනෑම රටකින් ලබාගැනීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹදී අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ, ස්වාධීන වෘත්තියවේදීන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධව නිහඬව සිටීම ගැටලුවක් බවයි.