ලෝකයේ බොහෝ රටවල් ආර්ථක, තාක්ෂණික හා භෞතික වශයෙන් වැඩිදියුණුවී තිබුණද සංවර්ධනය වූ ඇතැම් රටවල මිනිසුන්ගේ යහපත්කම තිබෙන්නේ අවම වශයෙන් බවත්, ලංකාවේ මිනිසුන්ට සෙනෙහෙබර හා කරුණිකත්වය, දානය, ශීලය, පරිත්‍යාගය පදනම් කරගත් ජිවිත ගතකරන්නට බෞද්ධ දර්ශනය එදා සිට අද දක්වා විශාල සේවාවක් සපයන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මගුල් මඩුවේදි අද (06දා) පැවසීය.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහනායක ධුරයට පත් අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි නාහිමියන්ට හා අභිනව අනුනායක හිමිවරුන් ලෙස පත් වූ පූජ්‍ය වේඬරුවේ උපාලි හා වරකාගොඩ ඥානරතන යන නාහිමිවරුන්ට අක්තපත්‍ර ප්රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවයේදී ජනපතිවරයා මේ බව පැවසීය.
"අපේ බෞද්ධ රට තුළ තිබෙන විනය, හික්මීම, යහපත්කම, හැදියාව, මනුෂ්‍යත්වය,මිනිසුන් පිළිබඳ ඇති ආදරය සහ සෙනෙහෙබර බව ශ්‍රී ලාංකික ජනතාවගේ බෞද්ධාගමික පසුබිම නිසා ගොඩනැගුණ යහපත් ප්‍රතිපත්ති බව අවිවාදාත්මකව ප්‍රකාශ කිරිමට හැකියාව තිබෙනවා.
ලෝකයේ බොහෝ රටවල් ආර්ථික, තාක්ෂණිකලෙසත්,භෞතික වශයෙනුත් වැඩිදියුණුවී, මහා බලවතුන් බවට පත්ව තිබුණත්, සංවර්ධනය වී දියුණු වූ ඇතැම් රටවල මිනිසුන්ගේ යහපත්කම තිබෙන්නේ අවම වශයෙන්.
මිනිසුන්ට සෙනෙහෙබර වූ, කරුණාවන්ත වූ, දානය, ශීලය, පරිත්‍යාගය පදනම් කරගත් ජීවිත ගතකරන්නට, උතුම් වූ මගපෙන්වීමක් සැමවිටම බෞද්ධ දර්ශනය තුළ පෙන්නුම් කර තිබෙනවා.
ගෞරවනීය මහනායක ස්වාමීන්වහන්සේලාගේත්, අනුනායක ස්වාමීන් වහන්සේලාගේත් දිවි පෙවෙත තරුණ භික්ෂූන් වහන්සේලාට මහා ආදර්ශයක්" යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවඑකවර නාහිමිවරුන් තෙනමකට මහනායක සහ අනුනායක ධුරයන්හි ශ්‍රී සන්නස්පත්‍ර ප්රදානය කිරීමේ මුල්ම අවස්ථාව ලෙසදසැලකෙයි.ඒ සඳහා නාහිමිපාණන් වහන්සේලා, මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය යන මහත්වරුන්ඇතුළු පිරිසක් සහභාගී වූහ.
සමන් විජය බණ්ඩාර/ චාමර සම්පත්