ශී‍්‍ර ලංකාවේ තිරසාර සංවර්ධනය සදහා සහාය දක්වන ප්‍රධාන ඇමරිකානු නියෝජිතායතනයක් වන මිලේනිය ම්චැලේන්ජ් කෝපරේෂන් (MCC ) ආයතනය තම ආධාර වැඩ සටහන සදහා දෙවන වරටත් ශී‍්‍ර ලංකාව තෝරාගෙන ඇත.
දෙසැම්බර් 19 වැනි දින පැවැත්වූ එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය දැනුම් දී තිබුණි. මෙයට වසරකට පෙර මෙම ආධාර වැඩසටහනේ පළමු අදියර සදහා ශී‍්‍ර ලංකාව තේරීපත් වූ අතර එමගින් ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට විශාල පිටුබලයක් ලැබුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර වැඩසටහන මගින් තෝරාගත් රටවල් සදහා පස් අවුරුදු කාල සීමාවක් තුළ විශාල වශයෙන් මුදල් ආධාර ලබාදෙනු ලබයි. නමුත් ඒ සදහා එම රටවල් විසින් යෝග්‍යතා නිර්ණායකයන් සපුරා තිබිය යුතුය. යහපාලනය, ආර්ථික නිදහස සහ පුරවැසියන්ගේ ආයෝජන ආදිය සලකා බලනු ලබයි. ඒ අනුව ආයතනය විසින් ඉහත නිර්ණායකයන්ගේ කාර්යය සාධනය සදහා වාර්ෂික ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් යටතේ මෙම රටවල් තෝරා ගැනීම සිදුකරයි.