“සංවර්ධන ව්‍යාපෘති බලන්න යන බොහෝදෙනෙකු යන්නේ ඒවා බලලා කවදා හෝ විකුණලා කීයක් හරි හොයාගන්න” යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11දා) පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නවීකරණය කරන ලද පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය සිසු අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,
“හුඟක් අය දැන් අපි කරපු වැඩ බලන්න යනවා. නොරොච්චෝලෙට යනවා. වරායට යනවා. පාසල් දරුවන් නම් යන්නෙ ඉගෙනගන්න, අධ්‍යාපනය ලබන්නනේ. කට්ටියක් යන්නෙ අඩුපාඩු බලලා එතන නැව් තියෙනවද? වැව් තියෙනවද, ගෑස් තියෙනවද කියලා බලන්න. මේ යන්නේ නිකම් නෙමෙයි. වටිනාකම් බලලා මේවා කවදද අපට විකුණගන්න පුළුවන් කියලා බලන්න තමයි මේ අය යන්නේ. මේක නිකං යන ගමනක් නෙමෙයි. ඒ අය ගණන් හදාගෙන ඉන්නවා මේවා විකුණලා කීයක් හරි ගන්න” යැයි ජනාධිපතිවරයා පැවසීය.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්/ හිඟුරක්ගොඩ ඩබ්. ඒ පියතිලක