ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරයට ජනතාව සහභාගි කර ගත යුතු ප්රමාණයන් පිළිබඳ ඉලක්කයක් ලබාදී ඇත.
ආසන සංවිධායකවරුන්ට හා දිස්ත්රික්ක සංවිධායකවරුන්ට මෙම ඉලක්ක ලබාදී තිබෙන අතර, මේ අනුව බස්නාහිර පළාතෙන් පිට සංවිධායකවරුන් 100 දෙනෙක් හා බස්නාහිර පළාත් කොළඹ හැර අනෙක් ප්රදේශවල සංවිධායකවරුන් 200 දෙනෙක් අවම වශයෙන් ඉලක්ත ලබාදී ඇත.
කොළඹ හා තදාසන්න ප්රදේශවල සංවිධායකවරුන් 500 දෙනෙකු සහභාගි කළ යුතු බවට ඉලක්ක ලබාදී තිබේ. 66 වැනි සංවත්සරය සැප්තැම්බර් 02 දින කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වේ.