තෝරාගත් රටවල්වල ගුවන් මගීන් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අවස්ථාවේදී සමරු තිළිණයක් ලෙස අනර්ඝ තත්ත්වයේ තේ නොමිලේ ලබාදීමට යෝජනා වී ඇත.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ ප්‍රවර්ධන හා අලෙවි අරමුදලින් රුපියල් මිලියන 100 ක් යොදා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මේ සඳහා වන කැබිනට් පත්‍රය ඉදිරිපත් කර ඇති අතර එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
සංචාරකයන් අතර ශ්‍රී ලංකා තේවල අනන්‍යතාව යළි මතු කරලීමට සහ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය පිළිබඳ හැඟීම ඔවුන් තුළ වැඩිදියුණු කරලීම පිණිස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ඒ සමග ශ්‍රී ලංකා තේවල ගුණාංග හා සිය රටවලදී ශ්‍රී ලංකා තේ මිලදී ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු ඇතුළත් පොතක්ද ලබාදීමට නියමිතය.