සංචාරක ව්‍යාපාරය මුදල් ඉපැයීමට හැකි ප්‍රධාන ව්‍යාපාරයක් බවත්, එබැවින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සංචාරකයන්ගේ ආකර්ෂණය ලබාගත හැකි ස්ථාන හඳුනාගනිමින් සිටින බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට පැමිණෙන හා කටයුතු කරන ආයෝජකයන්ට පහසුකම් සලසා දෙන බවත්, සංචාරක ව්‍යාපාරය සඳහා ආයෝජනය කිරීමට පැමිණෙන අයට තිබෙන බාධා විසඳා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.