ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ උප වනාන්තරයක් ලෙස නම් වී තිබෙනා දේදියගල රක්ෂිත ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියත් කිරීමට, දිගීලි ගඟ හරස් කර ඉදිකිරීමට සැලසුම් කර තිබෙන ජලාශය නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරය ඇතුළුව කන්නෙලිය, නාකියාදෙනිය රක්ෂිත භූමි විනාශ වී යන බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.
මෙම වනාන්තර තුනම ඒකාබද්ධ වී තිබෙන අතර, එම භූමිය තුළ ශ්‍රී ලංකාවට ආවේණික ශාඛ විශේෂ 52ක් ඇතුළුව ශාඛ විශේෂ 319කුත්, ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ 41ක් සමග සත්ත්ව විශේෂ 220ක් ජීවත් වන බවද පරිසර සංවිධාන පෙන්වා දෙයි.
මේ තරම් වැදගත්කමක් ඇති දේදියගල රක්ෂිත භූමිය තුළ ඝන අඩි 10,000ක ජලාශයක් ඉදි කර එහි සී ප්ලේන්, සංචාරක බෝට්ටුසේවා පවත්වාගෙන යෑමට සැලසුම් කර තිබේ. සිංහරාජ වනාන්තර කොටසින් ආරම්භවන දිගිලි ගඟ ඇල්ලගාව කඳු පන්තියේදී හරස් කර මෙම ජලාශය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර, මේ නිසා පවුල් 600කට අධික ප්‍රමාණයක් ජීවත්වන දේදියගල ගම්මානය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටද මේ දිනවල කටයුතු කරමින් තිබේ.
මේ පිළිබඳව වැඩිදුර විස්තර අද (03දා) 'අද' පුවත්පතේ පළවේ
|
මෙම කඳු පංති දෙක යා කරමින් වේල්ල ඉදිකිරීමට යෝජිතය.
|
|
දිගීලි ගඟ
|