ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පසුගිය වසර කිහිපයේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කළ බවත්, මේ අවස්ථාව වනවිට පසුගිය වසරට සාපේක්ෂව සංචාරක ක්ෂේත්රයේ 26% ක වර්ධනයක් දක්නට ලැබෙන බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
"ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පසුගිය වසර කිහිපයේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කළා. මේ අවස්ථාව වනවිට පසුගිය වසරට සාපේක්ෂව සංචාරක ක්ෂේත්රයේ 26% ක වර්ධනයක් දක්නට ලැබෙනවා. ඒ වගේම, ඉදිරි කාලය ඇතුළත අපට පෙනෙන එක දෙයක් වන්නේ ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ වැදගත් සංධිස්ථානයක් බවට පත්වන බවයි.
ඒ වගේම, එක් මාසයක් තුළ ආසියානු කලාපයේ රාජ්‍ය නායකයන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමත්, ඔවුන් සමග ගිවිසුම් කිහිපයට එළඹීමට හැකියාව ලැබීමත් විශේෂත්වයක් වෙනවා. මේ පසුබිම තුළ ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජනය හා සංචාරක ව්‍යාපාරය එකට බැඳී පවතින්නක් වෙනවා. එනම්, සංචාරක ව්‍යාපාරය සෘජු විදේශ ආයෝජනයට ඉතාමත්ම වැදගත් අවස්ථාවක් බවයි." යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.