භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු විසඳීම සඳහා කඩිනමින් රට තුළ සංඝාධිකරණයක් ඇති කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් සහ වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් ඇති වී ඇති ප්‍රශ්න විසඳීම සඳහා සංඝාධිකරණයක් ක්‍රියාත්මක නොවීම නිසා භික්ෂූන් වහන්සේලාට අපරාධ නඩු සම්බන්ධයෙන් කටයුතු සිදුකරන අධිකරණවල රස්තියාදු වීමට සිදුව ඇති බවත්, මෙම තත්ත්වය වළකාලීම සඳහා සංඝාධිකරණයක් රට තුළ පිහිටුවීම කාලීන අවශ්‍යතාවක් බවත්, එය වහාම සිදුකළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.