ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ අවසන් අන්තර්ජාතික තරගය පී. සරා පිටියේදී පැවැත්වෙන බව අද (30දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති පුවත් සාකච්ඡාවකදී අනාවරණය විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු ලේකම් ප්‍රකාශ් ෂාප්ටර් මහතා සඳහන් කළේ, ඉන්දීය තරගාවලියේ ටෙස්ට් තරගය පී. සරා පිටියේදී පැවැත්වීමට නියමිත බවයි. ඉන්දීය තරගාවලියේ දෙවැනි තරගයෙන් අනතුරුව තමන් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බවට තීරණය කර තිබෙන හෙයින් පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය වනු ඇත. තරගාවලියේ තරග පැවැත්වෙන ස්ථාන පිළිබඳව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති හෙයින් ක්‍රීඩාංගණ වෙනස් කිරීමට නොහැකි බව ප්‍රකාශ් ෂාප්ටර් මහතා පවසා සිටියේය.
තරගාවලිය අගෝස්තු මස පැවැත්වෙන හෙයින් මහමැතිවරණය නිසා තරගාවලියේ දිනයන්හි වෙනසක් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
ඉන්දීය ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේදීත්, අවසන් තරගය පල්ලේකැලේදීත් පැවැත්වීමට නියමිතය.